ආසන්න වශයෙන් අවුරුදු 30 පුරා ඇදුනු ශ්‍රී ලංකාව සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්ථවාදීන් අතර යුද්ධය දැන් අවසානයක් කරා එලැබෙමින් තිබේ. එයට ජනාධිපති මෙන්ම ආරක්ෂක ලේකම් ගෙන් ලැබුනු මග පෙන්වීම, ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් ගේ කැපවීම සහ සමස්ත ලක් වාසීන්ගෙන් ලැබුනු සහය ඊට හේතුවී තිබේ.
දැන් මාතෘකාව වී ඇත්තේ ප්‍රභාකරන් පැන ගියාද නැත්ද යන්නයි. හමුදාපති වරුන් පවසන්නේ ඔහුට පැන යාමට ඉඩ කඩක් නැති බවයි. එල්.ටී.ටී.ඊ. සංවිධානය විනාශ කිරීමට නම් ඔහු විනාශ කල යුතුය යන්න ඇතැමුන්ගේ මතයයි.
නමුත් මාගේ මතය නම් එල්.ටී.ටී.ඊ. සංවිධානය විනාශ කිරීම කෙසේ වෙතත් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය විනාශ කිරීම පමනක් සෑහේ යන්නයි. ජනතා විමුක්ති පෙරමුණ එවකට පැවති ආණ්ඩුව විසින් බලහත්කාරයෙන් ප්‍රජාතන්ත්‍රවාදී මගට තල්ලු කරාක් මෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානය ද, එසේ ප්‍රජාතන්ත්‍රවාදී මගට යොමු කල යුතුව ඇත. කරුනා අම්මාන් සහ පිල්ලෙයාන් එයට දිය හැකි හොඳම උදාහරණ වේ.
Sunday, January 25, 2009
Subscribe to:
Posts (Atom)