දකුණු පළාත් සභා ඡන්දයත් ළඟ ළඟම එයි. මාත් දකුණේ මනුස්සයෙක් නිසා ඒ ගැන යමක් ලියන්න හිතුවා. සෑම ඡන්දයකදී ම ඡන්ද ගොඩ වැඩි කර ගැනීම ට දේශපාලකයන් විවිධ උපක්‍රම යොදා ගනී. මට හිතෙන හැටියට නම් උපක්‍රම අවශ්‍ය වන්නේ සැබැවින්ම ඡන්දය දීමට තරම් හේතුවක් ජනතාවට නැතිවූ විටය. :)
වෙලෙඳ භාණ්ඩයක ප්‍රචාරණය සඳහා අධික වියදමක් සහ වෙහෙසක් දැරීමට සිදුවන්නේ එය මිළදී ගැනීමට සාධාරණ හේතුවක් නොමැති වූ විටය. එවිට නිෂ්පාදකයා නැති අවශ්‍යතාවයක් ඉස්මතු කර භාණ්ඩය කෙසේ හෝ විකුණා ගනියි.
දකුණු පළාත් සභාවේ ඡන්ද බෑම සඳහා අලුත් ඇම දෙකක් ලෑස්ති කරල කියල ආරංචියක් ආවා. නිළියො දෙන්නෙක් කියලයි ආරංචිය. මට නම් හිතෙන්නේ මෙයින් දකුණේ ජනතාව හෑල්ලුවට ලක් වී ඇති බවයි. ප්‍රදර්ශන භාණ්ඩ මගින් ඡන්ද එකතු කිරීම මෙහි අරමුණ වී ඇති බව පෙනේ.
කෙසේ හෝ වේවා, මෙය දකුණේ ජනතාවට කරන අපහාසයක් මෙන්ම, දකුණේ ජනතාවගේ මන්ද බුද්ධිය මැන බැලීමේ කදිම උපක්‍රමයක් ද වේ.
Wednesday, August 26, 2009
Thursday, August 20, 2009
තාර්කික සිතීම
තාර්කික සිතීම යනු සිතීමේ ක්‍රියාවලිය තුල තර්කානුකූලව සහ බුද්ධියෙන් විමසා යමක් තේරුම් ගැනීම හෝ නිර්වචනය කර ගැනීමයි. තීරණයක් ගැනීමේදී "එය-එසේ-නම්-මෙය" යන තර්ක කිරීමට යටත් වේ. එවිට අප හට හැඟීම් වලට යට වූ හෝ තවත් කෙනෙක් කියූ නිසා හෝ නොව බුද්ධියෙන් විමසා තාර්කිකව එලැඹුනු තීරණයක් හෝ අදහසක් කරා එළැඹිය හැක.
එය විශ්ලේශණය මත පදනම් වූ ක්‍රියාවලියකි. මෙම සිතීමේ රාමුව තුල තමන් සතුව ඇති සාධක තාර්කිකව සහ මනා සිහියකින් යුක්තව ඇගයීමෙන් පසු තීරණයක ට හෝ අදහසකට එළැඹීම යි.
කෙනෙක් තාර්කික වන්නේ කෙසේද?
- තීරණයක් ගැනීමට පෙර පක්ෂ-ප්‍රතිපක්ෂ (pros-and-cons) කරුණු පිළිබඳ මැනවින් විමසා බැලීම සහ ඒවාට අඩු වැඩි වශයෙන් වටිනාකම් ලබා දීම.
- ඉන් අනතුරුව එම කරුණු සිහියෙන් සහ නුවණින් (බුද්ධියෙන්) විමසා බලා අවසන් තීරණයට එළැඹීම.
Saturday, August 15, 2009
ඉස්සරහ හෝල්ට් එකේ බහිනවා...
මේ තවත් බස් කතාවක්. පහුගිය දිනෙක මා කැලණියෙන් 154 බස් රථයට ගොඩ වූයේ වැල්ලවත්ත ට යෑමේ අරමුණෙන්. මාගේ ගමනාන්තය ට බස් රථය එලැඹෙත්ම මා සීනුව නාද කල ද බස් රථය දිගටම ධාවනය වුනි. මා නැවත වරක් සීනුව නාද කලේ ඊලඟ නැවතුමෙන් හෝ බැස ගැනීමේ අරමුණෙනි. එවර ද බසය නොනවත්වා ධාවනය වුනි.
මා මෙතෙක් දුර පැමිණියේ ඉදිරි මංසංධියේ පොලීසියේ මහතුන් සිටින නිසා වෙන්, ඔවුනට මේ සම්බන්ධයෙන් පැමිනිලි කිරීමේ අටියෙනි. එහෙත් එදින පොලීසියේ මහතුන් නොසිටියහ.
ඉන්පසු මා කොන්දොස්තර තැන ගෙන් විමසූ පසු ඔහු ද සීනුව නාද කලේය. එවර ද බසය නොනවත්වා ධාවනය වුනි. ඉන්පසු මා කොන්දොස්තර සමග රියැදුරු වෙත ගොස් බසය නවත්වා ගතිමි. එවේලෙහි මා කොන්දොස්තර තැන ගෙන් දෙවෙනි වර සීනුව නාද කිරීමෙන් පසුද නොනවත්වා ධාවනය කිරීමට කරුණු විමසීය.
කොන්දොස්තර: බස් එක නවත්තන්න නම් බෙල් එක ගහන්න ඕන.
මා: ඇයි දැන් ඔහෙත් බෙල් එක ගැහුවෙ?
කොන්දොස්තර: බස් එක නවත්තන්න නම් බහින කෙනා බෙල් එක ගහන්න ඕන.
එවේලෙහි මා හට හිතට තරහක් මෙන්ම මුවට සිනහවක් පහල වූවද එය සඟවා ගෙන බස් රථයෙන් මා බැස ගියෙමි. දැනුදු කොන්දොස්තර ගේ පිලිතුර මතක් වන වාරයක් පාසා මා හට සිනහ පහල වෙයි.
Subscribe to:
Posts (Atom)