මා කලින් සටහනින් පැවසූ පරිදි බස් රථ රියැදුරන් ගේ තරඟකාරී ධාවනය බොහෝ දුරට සීමා කිරීමට හැකි ක්‍රමයක් මා පහත යෝජනා කරමි.
මෙම බස් තරඟය රියැදුරා සහ කොන්දොස්තර 'දවසෙ කුලියට' වැඩ කිරීම නිසා හට ගන්නේ යැයි මා විශ්වාස කරමි. 'එදා වේල' හොයන රැකියාවක් වෙනුවට මාසික වේතනයක් ගන්නා රැකියාවක් බවට පත් කිරීමෙන් මෙම රැකියාව වැදගත් හා ගෞරව සම්පන්න රැකියාවක් කිරීමේ හැකියාවක් පවතී.
මාසික වේතනයක් ගන්නා රැකියාවක් බවට පත් කිරීමෙන් ඔවුන් තුල (රැකියාව සම්බන්ධයෙන්) ඇති ආත්මාර්ථකාමී හැඟීම් පහව යයි. එමගින් පහත සඳහන් ගැටළු පහසුවෙන් නිරාකරණය කර ගත හැක.
1. බස් නැවතුම් වල අනවශ්‍ය ලෙස රථය නවතාගෙන සිටීමෙන් වැඩි මගීන් පිරිසක් නංවාගත හැකි බව සිතීම.
2. අනෙක් බසය අභිබවා යෑමෙන් වැඩි මගීන් පිරිසක් ගෙනයාමට හැකි බව සිතීම.
මා යෝජනා කරන්නේ සියලුම පෞද්ගලික සහ රජයේ බස් රථ එක් සමාගමක් යටතට ගැනීමයි. එහෙත් මෙහිදී බස් හිමියන් සතු හිමිකාරිත්වය එලෙසම පවතී. වෙනස වන්නේ තමන් සතු බස් රථ ගෙවීමේ පදනමක් මත 'බස් සමාගම' ට ලබා දීමයි. බස් සමාගම මගින් සියළු පරිපාලන කටයුතු සිදු කරනු ලබයි.
මෙහිදී අපට රියැදුරන් හා කොන්දොස්තර මහතුන් හට නිළ ඇඳුමක් ලබා දිය යුතුය. එයින් ඔවුන් තුල තමන් කරණ රැකියාව කෙරෙහි ගෞරවයක් හා ආත්මාභිමානයක් ඇතිවේ. මා සංචාරය කර ඇති නෙදර්ලන්තය, ස්වීඩනය වැනි රටවල් හි ද ඇත්තේ මෙම ක්‍රමය යි.
තවද, නිතර ගමන් ගන්නා මගීන් හට කාඩ් පත් ක්‍රමයක් ද හඳුන්වා දිය හැක. මෙයින් මුදල් භාවිතය අවම කර ගත හැක.
මෙහි පැමිණෙන මෙම සටහන කියවන ඔබ, මෙහි සඳහන් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් ඔබේ අදහස් ද දක්වන්න. එමගින් අපට මෙහි ඇති අඩුපාඩු මගහරවා ගනිමින් ඉදිරි පියවරක් තැබිය හැක.
Thursday, June 4, 2009
කාර්, බස්, ලොරි, බර කරත්ත, ...
මද නිහැඬියාව කින් පසුව මා නැවතත් "මගේ දින පොත" ලිවීමට පටන් ගතිමි.
අද මා හට අපූරු සබැඳුමක් ලැබුනි.
http://www.mahamagatapansil.org/
මෙය "ඉෂාන් ද සිල්වා" මහතා ගේ සංකල්පය කට අනුව "හරිත මග එකමුතුව" එකතුව මගින් මහමගට පන්සිල් සංකල්පය ප්‍රචලිත කිරීම සඳහා ආරම්භ කරන ලද වැඩ පිළිවෙලකි. විනය ගරුක මහ මග භාවිතාවක් උදෙසා පුරුදු පුහුණු කරගත හැකි සරල ආචාර ධර්ම පද්ධතියක් ලෙස මෙය හඳුන්වා දී තිබේ.
පහත රූප සටහනෙහි එහි විස්තර කෙරෙන මූලික කරුණු දක්වා ඇත. වැඩිදුර තොරතුරු සඳහා ඉහත වෙබ් අඩවියට පිවිසෙන්න.

-- උපුටා ගැනීම "මහමගට පන්සිල්" වෙබ් අඩවිය
නීති රීති පනවා යමක් පාලනය කරනවාට වඩා එය පුරුද්දක් බවට පත් කිරීමෙන් ස්වයං පාලනයක් ඇති කර ගැනීම වඩා කල් පවතින විසඳුමක් වේ යැයි මට ද හැඟේ. මෝටර් රථ ධාවක රියැදුරන් තුල මනා හික්මීමක් ඇති කල යුතුව ඇත. විශේෂයෙන් පෞද්ගලික බස් රථ ධාවක රියැදුරන් තුල මනා හික්මීමක් ඇති කල යුතුව ඇත.
එය මහමග පමණක් නොව පදික වේදිකාවේ ගමන් ගන්නා මගීන් ගේ ආරක්ෂාවට ද හිතකර වේ. මක් නිසාද යත්, බස් රථ රියැදුරන්ට ඇතැම් විට පදික වේදිකාව සහ මහමගෙහි වෙනස අඳුනා ගැනීමට අසීරු වන බැවිනි.
බස් රථ රියැදුරන් බොහෝ විට "ගෝන් ෆ්‍රී" තරඟ වලට සහභාගී වේ.
මෙම "ගෝන් ෆ්‍රී" තරඟ වලක්වා ගැනීමට හැකි ක්‍රමයක් ගැන ඉදිරි ලිපියකින් සොයා බලමු.

Subscribe to:
Posts (Atom)