Monday, October 6, 2008

රාජකාරි

අද මා සවස 6.30 පමණ වන තෙක් කාර්යයාලයේ රැඳී සිටියේ පාරිභෝගිකයකු ගේ ගැටළුව ක් විසඳීමට ය.

හෙටත් උදෑසන 7.00 පමණ වන විට කාර්යයාලයට යා යුතුය. මා "පද්ධති ඉංජිනේරු" ක්ෂේත්‍රයට නවකයකු බැවින් බොහෝ දෑ ඉගෙන ගත යුතුය.

මා ගත වන සෑම මොහොතකම නෙදර්ලන්තයෙන් අපට උගත හැකි දෑ මොනවාදැයි විමසිල්ලෙන් සිටිමි. මෙහිදී මා අවබෝධ කරගත් කාරනා හතරක් ඇත.
  1. සෑම වැඩකටම නියමිත උපකරණයක්, ඇත.
  2. සෑම කාර්යයක් ම නිසි පරිදි ඉටු කරයි. පාර සෑදීම නිමවූ පසු විදුලි ආලෝකය, මං තීරු ඇඳීම යනාදී දෑ නිම නොකර මාර්ගය මහජනයාට විවෘත නොකරයි.
  3. නිර්මාණයක් කිරීමේදී වර්ථමාන මෙන්ම අනාගත අවශ්‍යතා ගැන ද සැලකිල්ලට ලක් කිරීම (රට කුඩා වුවද න්‍යෂ්ටික බලාගාරයක් ඇත).
  4. නිමාවෙන් සහ කල් පැවැත්මෙන් ඉහල භාණ්ඩ භාවිත කිරීම සහ නිෂ්පාදනය කිරීම.
මොවුන්ගේ ගෘහ භාණ්ඩ ද අවශ්‍යතාවට ගැලපෙන පරිදි නිමවා ඇත.භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමේදී හෝ මිළදී ගැනීමේදී හෝ එහි ගුණාත්මක භාවය පිලිබඳව ඉතා සැලකිල්ලක් දක්වයි. මක් නිසාද යත්, පාරිභෝගිකයා බාල නිෂ්පාදනයක් මිලදී නොගන්නා නිසා, නිෂ්පාදකයා බාල නිෂ්පාදනයක් නොකරයි.

යම්කිසි කාර්යයක් නිම කිරීමෙදී මෙම කාරණා පිලිබඳ අප රට එතරම් තැකීමක් නොකරයි. අප රටේ අලුත සෑදූ මං මාවත් නිරීක්ෂනය කිරීමේදී ද එය මොනවට පැහැදිලි වේ.

අප රටේ බොහෝ නිෂ්පාදකයින් කෙසේ හෝ භාණ්ඩය නිෂ්පාදනය කිරීමට තැත් කරනු විනා ගුණාත්මක බවින් යුතු භාණ්ඩය නිපදවීමට තැත් නොකරයි. බොහෝ භාණ්ඩ "උඩින් ඔපේ යටින් හපේ" ලේබලය යටතේ වෙළඳ පොළට එයි. එසේ වුවත්, අප කලාපයේ ඇති අනෙක් රටවල් සමග සැසඳීමෙදී අපගේ භාන්ඩ වල සාපේක්ෂව ඉහළ ගුණාත්මක අගයක් ඇත.

නිෂ්පාදකයාට දොස් කියා පලක් නැත. මන්ද, ඔහු ඉල්ලුමට සැපයුම ලබාදෙන බැවිනි!

Friday, October 3, 2008

සිංහල භාෂාව

අද මා මදක් වේලාසනින් නිවසට පැමිණි යෙමි. කිළිටි වූ රෙදි සේදීමට රෙදි සෝදන යන්ත්‍රයට භාර දුනිමි.

ඉන්පසු තේ කෝප්පයකින් විඩාව නිවා ගත් මා 'සිංහල සහ පරිගනකය' පිලිබඳ ව අන්තර්ජාල යේ සඳහන් කරුනු ගවේශනය කිරීමට සැරසුනෙමි.

එහිදී මට ඉතා වටිනා සබැඳුම ක් සොයා ගන්නට ලැබුනි. එය නම්,

http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t2.html

මෙය කොලඹ විශ්ව විද්‍යාලය මගින් නඩත්තු කෙරේ. මෙහි ඇති වටිනාකම වන්නේ සිංහල යතුරු පුවරුව දැන ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති වීමයි. සිංහල ශබ්දයට අනුරූපව ඉංග්‍රීසි අකුරු භාවිතයෙන් අවශ්‍ය සිංහල අකුරු අමුනා ගත හැක. මෙම බ්ලොග් සටහන එම මෙවලම භාවිතයෙන් සකසා ගන්න ලදී. මෙය ඉතා කදිම මෙවලමකි. ඉතා පහසුවෙන් අකුරු අමුනා ගත හැක.

සිංහල මෘදුකාංග සඳහා අවශ්‍ය කරන වචන මාලාවක් පහත අන්තර්ජාල පිටුවේ ඇත.

http://wiki.mrt.ac.lk/sinhala/index.php?title=Main_Page

මෙය මොරටුව විශ්ව විද්‍යාලය මගින් නඩත්තු කෙරේ.

පරිගනකය ට සිංහල හඳුන්වාදීමේ විශාල වගකීමක් අප විශ්ව විද්‍යාල වෙත පැවරේ. මා එසේ පවසනුයේ රටක දියුණුවේ ප්‍රභවය වන්නේ විශ්ව විද්‍යාලයීය ප්‍රජාව වන හෙයිනි.

නෙදර්ලන්තය, වපසරිය අතින් ශ්‍රී ලංකාවට ඉතා සමාන වේ. එහෙත් ජනගහනය ශ්‍රී ලංකාවට වඩා අඩු අගයක් ගනියි. එහෙත් සෑම ආනයනික භාණ්ඩයකම ඕලන්ද භාෂාවෙන් සලකුණු කිරීම් සහ උපදෙස් මුද්‍රණය කර ඇත. මොවුන් තමන්ගේ භාෂාවට නිසි වටිනාකම දී ඇත.

පසුගිය දිනෙක කාර්යාලයේ මාසික හමුව තිබින. ඔවුන් අප සිටිය ද, එම මාසික හමුව පැවැත්වූයේ ඔවුන්ගෙ බසිනි. මෙය සිංහල අපට අගනා පාඩමකි.

ස්ථාන මාරුවක් ලබා කොලඹින් නෙදර්ලන්තය ට පැමිණෙන වෘත්තිකයන් හට ඕලන්ද භාෂාව ඉගෙන ගත යුතුය. ඒ සඳහා වන විය පැහැදම් කාර්යාලයෙන් දරයි.

අවසන් වශයෙන්,
රටේ දියුණුවත් සමග භාෂාවක උන්නතිය -> නෙදර්ලන්තය
රටේ දියුණුවත් සමග භාෂාවක පරිහානිය -> ශ්‍රී ලංකාව
බව මට පසක් විය!

Thursday, October 2, 2008

ඕලන්ද කෑම

දැන් වේලාව රාත්රී 9.40

නෙදර්ලන්තය ට ආ දා පටන් දිවා ආහාරය වූයේ පාන් ය. මා මස් වර්ග වලින් ආහාරය ට ගන්නේ කුකුල් මස් පමණක් හෙයින් බටර්, චීස්, ගම්මිරිස් සමග පාන් කෑමට පුරුදු වූයෙමි.

මා ඇසූ පරිදි මීට වර්ෂ 30 ක ට පමණ පෙර ඕලන්ද වාසීන් උණුසුම් දිවා ආහාරය ක් ගන්නට පුරුදු වී සිටි ඇත්තන්ය. කාලය ත් සමග ආහාර රටාව වෙනස් වී ඇත.

නවාතැනට පැමිණෙන විට සවස 7 පමණ විය. නවාතැනට පැමිණ දුරකථන ඇමතුමක් ගැනීමට ට ඉටා ගත්ත ද, රෑ බෝ වී තිබූ හෙයින් එම අදහස අතහැර දැමීමට සිදුවිය.

තේ කෝප්පය කින් සප්පායම් වී ඉන් අනතුරුව ඇඟ පත සෝදා ගත්තෙමි. ශීතකරණ යේ තබා තිබූ කලින් පිලියෙල කර ගත් ආහාර උණුසුම් කොට ආහාරය ට ගත්තෙමි.

මෙම ලොග් සටහන ලිවීම මහත් ආශ්වාදය ක් ගෙනදේ. මෙය දවස අවසානයේ විඩාව නිවා ගැනීමට ද මහත් රුකුලකි.

නොනිදා පහන් කිරීම

දැන් වේලාව රාත්රී 10.35 - අද ඔක්තෝබර් පළවෙනි දා

මා හට පෙරේදා මෙන්ම ඊයේ රෑ ද සුව නින්දක් නොලැබුනේය. එ හෙයින් රාත්රී සුව නින්දකට පසු කයට දැනෙන සුවය අද නැත.

අද උදයේ වෙනදා ට වඩා සුළං තදට තිබුනි. එහෙයින් වෙනදා ට වඩා ඇඟ පතට සීතල දැනින.

බස් නැවතුම් පලට මිනිට්ටු පහළොවක් පමණ ඇවිදන් යා යුතුව ඇත. සීතළ සුළඟේ ඇවිදින විට එය දිගු කලක් සේ හැඟෙයි. දැන් කෙමෙන් කෙමෙන් දිවා කාලය ද අඩු වී ගෙන එයි. වෙනදා පහන් දොරින් පිටවන මා දැන් අඩ අඳුරේ ම රැකියාව කරා පිටත් ව යමි.

මා නෙදර්ලන්තයට ආ මුල් දින වල සීතල යහමින් දැනින. දැන් නම් එතරම් සීතලක් නොදැනෙයි.

IFS පාරිභෝගිකයෙකු ගේ දත්ත ගබඩාවේ වූ ගැටලුවක් හෙයින් අද මා සවස 7 පමණ වන තෙක් කාර්යාල යේ රැඳී සිටියෙමි.

දැන් රාත්රී 11.45 පමණ වී ඇත. නොදැනීම කාලය ගතව ගොස් ඇත. නිදා ගත යුතුය.

Sunday, September 14, 2008

තුවායක් නැති නිවසක්

ඊයෙ මම මූන පිහිදැම්මෙ සරමෙන්. මම තුවායක් ගෙනාවෙ නෑ. මෙහේ ඇති කියල හිතං. ඇල්ඩි මාර්ට් එකේ මිලදී ගන්න තිබුනෙත් නෑ.

අද මම කුස්සියේ තිබුන පොඩි රෙදි කෑල්ලක් හෝදල ගත්තා.

කුකුළා

ලන්දේසිකාරයෝ තමයි මුලින්ම ඕක ගාල්ලෙ සංකේතය විදියට පාවිච්චි කරේ. ගාල්ලෙ නගර සභාවේ ලාන්ඡනය ත් කුකුළා. අපේ උන්ටත් ඉතින් සුද්දගේ දෙයක් නම් ඉහටත් උඩින්. මම නැවතිලා ඉන්නේ Heeghtaker කියන වීදියේ තියෙන නිවසක. මේ ආසන්නයේ ඇති ක්‍රිස්තියානි පල්ලියක් මුදූනේ කුකුළෙක් ගේ සලකුනක් දැක්කා.

ලුණු නැති බත්, පරිප්පු

ගමන් මලුවේ ලුණු හසුරා ගන්න අමතක වුනා. අද තමයි කෑම පිලියෙල කරන්න පටන් ගත්තේ. ලුණු නැති නිසා ගෙදරින් ගෙනා මාලු ඇඹුල් යහමින් බත් පතට එක් කර ගත්තා. අද Aldi Makt ගිහින් අවශ්‍ය කරන කලමනා කිහිපයක් ගෙනාවා.

නෙදර්ලන්තය ට ආවා.

දෙසැම්බර් 5 වැනි දා දක්වා IFS නෙදර්ලන්ත කාර්යාලයේ වැඩ කරනවා. Emergia Wind Technologies කියන වායු ටර්බයින යන්ත්‍ර නිපදවන කම්හල නැරඹීමට යෑමට ත් අදහස් කරගෙන සිටිනවා.
ඉදිරි මාස තුන තනියෙන් ඉන්න එක ටිකක් අමාරු කාර්යයක්. ඉන්දුනීසියාවෙන් තව කෙනෙක් එනව කියල මට දැනුම් දුන්නා.

SHANDE: La Chapelle, Paris : Indian Market

SHANDE: La Chapelle, Paris : Indian Market

ආරන්චියේ හැටියට නම් මේක ශ්‍රී ලංකාවේ කඩයක්. හැම දේම තියෙනවා කියල තමයි කියන්නෙ.