Wednesday, January 6, 2010

රට හදන තැන...

දිගු කලකට පසු නැවතත් ලියන වග නම්...

මා පසුගිය දිනෙක සමුද්‍ර දේවි දුම්රියෙන් ගාල්ලෙන් කොලඹ බලා පැමිණෙමින් සිටියෙමි. මේ දිනවල දුම්රිය ගමන දේශපාලන කථා වලට තෝතැන්න කි. බොහො අය රට හදන හැටි කථා වේ. "ඕක ඔහොම හරියන්නෙ නෑ, මෙහෙම යි වෙන්න ඕන" ආදී නොයෙක් දේ ගැන වාද විවාද වේ.

අළුත් අවුරුද්දේ හා-පුරා කියා වැඩ ඇල්ලීමට කොලඹ පැමිණෙමින් මා කියන පුද්ගලයාද එසේ රට හදන හැටි ගැන ඔහු ද අදහස් ද එකතු කරමින් පාලකයින් ට දෙස් දෙයි. ලැබුවා වූ 2010 අවුරුද්ද සැමරීමට ඔවුන් ගෙනා කැවිලි පෙවිලි හුවමාරු කරගනිමින් රට හැදීමට ඉතා වටිනා අදහස් එකතු කරයි.

මේ අතරතුර කේක් ගෙඩිය ඔතා තිබූ පොලිතීන් දැවටුම ඔහු ජනේලයෙන් එළියට වීසි කර නැවතත් රට හදන්න පටන් ගති!