මා මෙතෙක් දුර පැමිණියේ ඉදිරි මංසංධියේ පොලීසියේ මහතුන් සිටින නිසා වෙන්, ඔවුනට මේ සම්බන්ධයෙන් පැමිනිලි කිරීමේ අටියෙනි. එහෙත් එදින පොලීසියේ මහතුන් නොසිටියහ.
ඉන්පසු මා කොන්දොස්තර තැන ගෙන් විමසූ පසු ඔහු ද සීනුව නාද කලේය. එවර ද බසය නොනවත්වා ධාවනය වුනි. ඉන්පසු මා කොන්දොස්තර සමග රියැදුරු වෙත ගොස් බසය නවත්වා ගතිමි. එවේලෙහි මා කොන්දොස්තර තැන ගෙන් දෙවෙනි වර සීනුව නාද කිරීමෙන් පසුද නොනවත්වා ධාවනය කිරීමට කරුණු විමසීය.
කොන්දොස්තර: බස් එක නවත්තන්න නම් බෙල් එක ගහන්න ඕන.
මා: ඇයි දැන් ඔහෙත් බෙල් එක ගැහුවෙ?
කොන්දොස්තර: බස් එක නවත්තන්න නම් බහින කෙනා බෙල් එක ගහන්න ඕන.
එවේලෙහි මා හට හිතට තරහක් මෙන්ම මුවට සිනහවක් පහල වූවද එය සඟවා ගෙන බස් රථයෙන් මා බැස ගියෙමි. දැනුදු කොන්දොස්තර ගේ පිලිතුර මතක් වන වාරයක් පාසා මා හට සිනහ පහල වෙයි.
අනේ මචං ඔය බස් කොන්දලගේ වැඩ ගැන කියලා වැඩක් නෑ.
ReplyDeleteසල්ලි ගත්තට පස්සේ අපි ගැන හිතන්නේ නෑ...
දුක තමා...
/නිශාන්ත