හෙටත් උදෑසන 7.00 පමණ වන විට කාර්යයාලයට යා යුතුය. මා "පද්ධති ඉංජිනේරු" ක්ෂේත්‍රයට නවකයකු බැවින් බොහෝ දෑ ඉගෙන ගත යුතුය.
මා ගත වන සෑම මොහොතකම නෙදර්ලන්තයෙන් අපට උගත හැකි දෑ මොනවාදැයි විමසිල්ලෙන් සිටිමි. මෙහිදී මා අවබෝධ කරගත් කාරනා හතරක් ඇත.
- සෑම වැඩකටම නියමිත උපකරණයක්, ඇත.
- සෑම කාර්යයක් ම නිසි පරිදි ඉටු කරයි. පාර සෑදීම නිමවූ පසු විදුලි ආලෝකය, මං තීරු ඇඳීම යනාදී දෑ නිම නොකර මාර්ගය මහජනයාට විවෘත නොකරයි.
- නිර්මාණයක් කිරීමේදී වර්ථමාන මෙන්ම අනාගත අවශ්‍යතා ගැන ද සැලකිල්ලට ලක් කිරීම (රට කුඩා වුවද න්‍යෂ්ටික බලාගාරයක් ඇත).
- නිමාවෙන් සහ කල් පැවැත්මෙන් ඉහල භාණ්ඩ භාවිත කිරීම සහ නිෂ්පාදනය කිරීම.
යම්කිසි කාර්යයක් නිම කිරීමෙදී මෙම කාරණා පිලිබඳ අප රට එතරම් තැකීමක් නොකරයි. අප රටේ අලුත සෑදූ මං මාවත් නිරීක්ෂනය කිරීමේදී ද එය මොනවට පැහැදිලි වේ.
අප රටේ බොහෝ නිෂ්පාදකයින් කෙසේ හෝ භාණ්ඩය නිෂ්පාදනය කිරීමට තැත් කරනු විනා ගුණාත්මක බවින් යුතු භාණ්ඩය නිපදවීමට තැත් නොකරයි. බොහෝ භාණ්ඩ "උඩින් ඔපේ යටින් හපේ" ලේබලය යටතේ වෙළඳ පොළට එයි. එසේ වුවත්, අප කලාපයේ ඇති අනෙක් රටවල් සමග සැසඳීමෙදී අපගේ භාන්ඩ වල සාපේක්ෂව ඉහළ ගුණාත්මක අගයක් ඇත.
නිෂ්පාදකයාට දොස් කියා පලක් නැත. මන්ද, ඔහු ඉල්ලුමට සැපයුම ලබාදෙන බැවිනි!
No comments:
Post a Comment
මා මෙහි දක්වා ඇති කරුණු සම්බන්දයෙන් ඔබේ අදහස් කරුණාකර මෙහි ලියන්න. එය මම මහත් අගේ කොට සලකමි.
ස්තූතියි,