Thursday, June 4, 2009

කාර්, බස්, ලොරි, බර කරත්ත, ...

මද නිහැඬියාව කින් පසුව මා නැවතත් "මගේ දින පොත" ලිවීමට පටන් ගතිමි.

අද මා හට අපූරු සබැඳුමක් ලැබුනි.

http://www.mahamagatapansil.org/

මෙය "ඉෂාන් ද සිල්වා" මහතා ගේ සංකල්පය කට අනුව "හරිත මග එකමුතුව" එකතුව මගින් මහමගට පන්සිල් සංකල්පය ප්‍රචලිත කිරීම සඳහා ආරම්භ කරන ලද වැඩ පිළිවෙලකි. විනය ගරුක මහ මග භාවිතාවක් උදෙසා පුරුදු පුහුණු කරගත හැකි සරල ආචාර ධර්ම පද්ධතියක් ලෙස මෙය හඳුන්වා දී තිබේ.

පහත රූප සටහනෙහි එහි විස්තර කෙරෙන මූලික කරුණු දක්වා ඇත. වැඩිදුර තොරතුරු සඳහා ඉහත වෙබ් අඩවියට පිවිසෙන්න.


-- උපුටා ගැනීම "මහමගට පන්සිල්" වෙබ් අඩවිය

නීති රීති පනවා යමක් පාලනය කරනවාට වඩා එය පුරුද්දක් බවට පත් කිරීමෙන් ස්වයං පාලනයක් ඇති කර ගැනීම වඩා කල් පවතින විසඳුමක් වේ යැයි මට ද හැඟේ. මෝටර් රථ ධාවක රියැදුරන් තුල මනා හික්මීමක් ඇති කල යුතුව ඇත. විශේෂයෙන් පෞද්ගලික බස් රථ ධාවක රියැදුරන් තුල මනා හික්මීමක් ඇති කල යුතුව ඇත.

එය මහමග පමණක් නොව පදික වේදිකාවේ ගමන් ගන්නා මගීන් ගේ ආරක්ෂාවට ද හිතකර වේ. මක් නිසාද යත්, බස් රථ රියැදුරන්ට ඇතැම් විට පදික වේදිකාව සහ මහමගෙහි වෙනස අඳුනා ගැනීමට අසීරු වන බැවිනි.

බස් රථ රියැදුරන් බොහෝ විට "ගෝන් ෆ්‍රී" තරඟ වලට සහභාගී වේ.

මෙම "ගෝන් ෆ්‍රී" තරඟ වලක්වා ගැනීමට හැකි ක්‍රමයක් ගැන ඉදිරි ලිපියකින් සොයා බලමු.

No comments:

Post a Comment

මා මෙහි දක්වා ඇති කරුණු සම්බන්දයෙන් ඔබේ අදහස් කරුණාකර මෙහි ලියන්න. එය මම මහත් අගේ කොට සලකමි.

ස්තූතියි,