Saturday, August 15, 2009

ඉස්සරහ හෝල්ට් එකේ බහිනවා...

මේ තවත් බස් කතාවක්. පහුගිය දිනෙක මා කැලණියෙන් 154 බස් රථයට ගොඩ වූයේ වැල්ලවත්ත ට යෑමේ අරමුණෙන්. මාගේ ගමනාන්තය ට බස් රථය එලැඹෙත්ම මා සීනුව නාද කල ද බස් රථය දිගටම ධාවනය වුනි. මා නැවත වරක් සීනුව නාද කලේ ඊලඟ නැවතුමෙන් හෝ බැස ගැනීමේ අරමුණෙනි. එවර ද බසය නොනවත්වා ධාවනය වුනි.

මා මෙතෙක් දුර පැමිණියේ ඉදිරි මංසංධියේ පොලීසියේ මහතුන් සිටින නිසා වෙන්, ඔවුනට මේ සම්බන්ධයෙන් පැමිනිලි කිරීමේ අටියෙනි. එහෙත් එදින පොලීසියේ මහතුන් නොසිටියහ.

ඉන්පසු මා කොන්දොස්තර තැන ගෙන් විමසූ පසු ඔහු ද සීනුව නාද කලේය. එවර ද බසය නොනවත්වා ධාවනය වුනි. ඉන්පසු මා කොන්දොස්තර සමග රියැදුරු වෙත ගොස් බසය නවත්වා ගතිමි. එවේලෙහි මා කොන්දොස්තර තැන ගෙන් දෙවෙනි වර සීනුව නාද කිරීමෙන් පසුද නොනවත්වා ධාවනය කිරීමට කරුණු විමසීය.

කොන්දොස්තර: බස් එක නවත්තන්න නම් බෙල් එක ගහන්න ඕන.
මා: ඇයි දැන් ඔහෙත් බෙල් එක ගැහුවෙ?
කොන්දොස්තර: බස් එක නවත්තන්න නම් බහින කෙනා බෙල් එක ගහන්න ඕන.

එවේලෙහි මා හට හිතට තරහක් මෙන්ම මුවට සිනහවක් පහල වූවද එය සඟවා ගෙන බස් රථයෙන් මා බැස ගියෙමි. දැනුදු කොන්දොස්තර ගේ පිලිතුර මතක් වන වාරයක් පාසා මා හට සිනහ පහල වෙයි.

1 comment:

  1. අනේ මචං ඔය බස් කොන්දලගේ වැඩ ගැන කියලා වැඩක් නෑ.
    සල්ලි ගත්තට පස්සේ අපි ගැන හිතන්නේ නෑ...
    දුක තමා...
    /නිශාන්ත

    ReplyDelete

මා මෙහි දක්වා ඇති කරුණු සම්බන්දයෙන් ඔබේ අදහස් කරුණාකර මෙහි ලියන්න. එය මම මහත් අගේ කොට සලකමි.

ස්තූතියි,